Tuesday, October 25, 2011

'ශාපයේ මාවත'


සකුනන්     මියැසි විහිදෙයි නෙත් හයාලන
හිරුකැන්   අවදිවෙයි බොල්පිණි  මරාගෙන
යහමින්     දනන් හට සාමය       බෙදාදෙන
හැඟුමන්      පිපෙයි හැම ඉරිමා     උදාසන

බියකරු   වළාකුළු දස අත       වසාගෙන
පියකරු   අහස් කුහරය ඇත  වෙළාගෙන
විසකුරු    සපුන් ලෙස පරපණ   නසාලන
පිවිතුරු    මිනිස්කම අද වෙස්  වලාගෙන

විහිදෙයි         දසත ගිනි රශ්මිය           දවාලන
කෙනෙහෙයි   බිළිඳු මව් ඇකයේ      අරාගෙන
 වැළැපෙයි     කුසුම නටුවෙන් බර     දරාගෙන
මියැදෙයි        වසන්තය සොහොනේ   දිගාවුන

සහන්          සිතෙන් ඉපදෙන විට     හඬාගෙන
නිපන්         සතුට අහුමුළුවල           රුවාගෙන
කයින්         දුබල වී මතු භව              කරා යන
සොහොන්   කොතෙත් ඇත වෛරය දිරා යන

Sunday, October 23, 2011

'මුකුලිත නැත අද'


තෙරපන   සිතිවිලි    දහසක්     දෙහදක්
පවසන     සැනසිලි    රහසක්      දවසක්
නොරඳන   හසරැලි    මුවඟක්   උවනක්
නොගලන කඳුලැලි  නයනක්  නැත එක්

දවසක   හමුවුන   මා-ඔබ      පෙර එක් 
විරසක  විලසින   මාරුත          දහසක්
සැපදුක  නොදැනෙන මේ බව  කතරක්
වදුලක  හිනැහෙන - වා තව  කැකුළක්

ලස්සන    දෙව්දුනු      රඳනා         අහසක්
වස්සන    සුදුහිම        ඒ කඳු      පෙදෙසක්
දස්සන     සිතකට      හෙලනා    බැල්මක්
රුස්සන   ලෙසඔබ    ඇමතූ    මොහොතක්


නොමදැක    සිතිජය  වෙන්වන       පවුරක්
පලසක       වැතිරුණ  අප තණ        බිස්සක්
යුගයක       රසමුසු     හැඟුමන්   පොකුරක්
එකිනෙක  වෙන්වුනු     අප අද   දෙදෙනෙක් 

Saturday, October 22, 2011

තරු ඉහිරෙන රාත්‍රියක සඳ නැති යාමේ,,, වැතිරෙමු අපි තණ බිස්සේ පිණිකැට යහනේ,,,

නිල් කෙස් කළඹ මත කියඹුව දුටුවාම
නෙත්මත් කරයි නැහැ සැකයක් හැමදාම
වස්දොස් නොවේ ඔය වතනම් සඳ සේම
සොමිරැස් දහර කළඹයි මගෙ දිවි දහම

ආලෝලනය වූ හද සඳ ඉඳුරාම
පෑ ස්නේහයට පිටුපා ඉන්නේ කෝම
මේ රාත්‍රියේ සඳ වට පිපි තරු සේම
මන්දස්මිතය නංවමු මග දුටුවාම

Friday, October 21, 2011

පින්තාලිය


පින්තාලිය වනාහි

අපේ ගම වන්නේ වයඹ පලාතෙ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, සත්කෝරලේට අයත්,කරඳාපත්තු කෝරළේ වත්මන් පඬුවස්නුවර කොට්ඨාශයේ පිහිටි "පිහිඹිය" නම් වූ මනරම් ගම්මානයයි.
අපේ ගමේ ඉස්සර පින්තාලියක් තිබුණා.ඒක තිබුනෙ "පතහ ගෙදර විදානෙ මහත්තය"ගෙ ගෙදර. අපි හැතැප්මක් විතර පයින් තමයි ඉස්කෝලෙ ගියෙ.ඉස්කෝලෙ ඇරිල එන අපට පිපාසය නිවා ගන්න තමයි ඒ විදානෙ අත්ත ඒ පින්තාලිය තියල තිබුනෙ.ඒ විතරක් නෙවෙයි විදානෙ අත්ත වත්තෙ ගස් වලින් ඉදිල වැටෙන දිවුල්,බෙලි,වෙරළු, අඹ වගේ පළතුරුත් වට්ටියකට දාල ළඟින් තියල තිබුණ.ආ අමතක වුනා කියන්න මේ ගෙදරට පතහ ගෙදර කිවෙ මේ වත්තෙ ලොකු පතහක් තිබුන නිසයි. පතහක් කියන්නෙ දැන් භාෂාවෙන්නම් පොකුණක් වගේ එකක්.වැහි කාලෙට ඒකෙ වතුර පිරුණාම පායන කාලෙට විශේෂයෙන් සතුනට පිපාසය නිවා ගන්න එහෙම වටිනව.ඉතින් අපි ඒ විදානෙ අත්තට පින් දිදී ඒ පළතුරු කාල . පිපාසයත් නිවාගෙන තමයි ගෙදර යන්නෙ.ඉතින්දැන් ජීවතුන් අතර නැති ඒ විදානෙ අත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ අත්තාගෙ එන් පුතෙකු වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියෙන් වන එස්.එච්.එම්.චන්ද්‍රසේන මහතා සහ දියණිය වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ විශ්‍රාමලත් සිංහල මහාචාර්ය පියසීලී විජේමාන්න මැතිණියත් ආදරයෙන් සිහිපත් කරනවා.

පැනඩෝල්


මම අද ඔයාලට ගෙන ආවේ කවුරුත් දන්න කියන බෙහෙතක් ගැන, නම කිව්වත් දන්න කියන කොයි කවුරුත් පාවිච්චි කරල තියෙන බෙහෙත තමයි “පැරසිටමෝල්” නමට වඩා කවුරුත් දන්නේ “පැනඩෝල් ” වෙළද නාමයයි.

පැරසිටමෝල් යනු කවරක්ද?

එය වේදනා නාශකයකි (As Analgesic).
ශරීරයේ උණ අඩු කිරීමේ ගුණය – (As Antipiretic)

පැරසිටමෝල් ගැන මූලික කරුණු කිහිපයක්

පවුලේ සැමටම සුව ලබා දෙන එකම ඔසුවයි.
උදරයට ද අසහනයක් ගෙන නොදෙන ඔසුවකි.
සුලු මට්ටමේ සිට සාමාන්‍ය මට්ටමක දක්වා වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත.
ක්‍රියාකාරීත්වය අතින් නම් ඇස්ප්‍රින් පෙත්ත තරමටම බලවත් කමින් ප්‍රබලය.
නමුත් පැරසිටමෝල් වලට ශරීරය තුල ඇතිවන ඉදිමුම් අඩු කිරීමේ හැකියාවක් නොමැත. (NSAID) ගණයට අයත් ඔෟෂධයකි.
Anti-Coagulant effect හෙවත් රුධිර කැටි සෑදීමේ ගුණයක් ද නැත.
මෙම ‍බෙහෙතේ රසායනික නැමය දැන ගැනීමද ඉතා වැදගත්ය. Paracetamol යනු

“Para acetamino Phenol” නමින් හදුන්වන සංයෝගයකි.

මෙම ‍බෙහෙතේ ද කිසියම් අතුරු ආබාධ කිහිපයක් පවති.නමුත් මේවා බොහෝවිට ඉතා ස්වල්ප වශයෙන් සමාජය තුල දැක ගත හැකියි.නමුත් කෙසේ වෙතත් ඔනෑම බෙහෙතක් පාවිච්චියට ගැනීමේ දී නියමිත මාත්‍රාව හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වග බලා ගත යුතුයි.

පැරසිටමෝල් හා සම්බන්ධ අතුරු ආබාධයන් කිහිපයක්.

සමේ පළු දැමීමක් සිදුවේ නම් (Skin Rashes) වහාම බෙහෙත් ගැනීම නතර කොට වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
මේ බෙහෙත එක විට අධි මාත්‍රාවෙන් (Over dose)කෙනෙකු භාවිතා කලහොත් අක්මාව වහාම අනතුරකට ලක්වනු ඇත. මෙහි දී අධි මාත්‍රාව ලෙස සලකනු ලබන්නේ 10g (පෙති 20ක ප්‍රමාණයකි.)
එසේ වුවද රෝගියකු රෝහල් ගත වූ වහාම ප්‍රතිකාර වෙත යොමු වුව හොත් ජීවිතය බේරා ගැනීමට හැකියාව අද වන විට ඇත.

රෝගියාට එහිදී මෙතියොනින් ( Methionine )– මුඛ මාර්ගයෙන් ලබා දීමට පුළුවන.
තවද N acetyl Cystine – අන්තශෛරික නික්ෂේපනයක් ( IV) ලෙස හෝ මුඛ මාර්ගයෙන් ලබා දිය හැක. පැය 8-10 ත් අතර කාලයක් තුල මේ ප්‍රතිකාර ලබා ගත යුතු බවද මෙහිදී සදහන් කල යුතුයි.හැකි පමණ ඉක්මනින් රෝගියා රෝහල් ගත කිරිම නුවණට හුරුය. 
භාවිතා කළ යුතු මාත්‍රා පිළිවෙල

දිනකට උපරිම වශයෙන් 4g කි.ඒ අනුව පෙති 2 බැගින් දිනකට 4 වරක් (පැය 6කට වරක්)

ළමයින් සදහා : 80mg පෙති වශයෙන්ද භාවිතා කරන අතර,

වැඩිහිටියන් සදහා : 500mg පෙති භාවිතයට ගැනේ.

දියරමය වශයෙන් ද පැරසිටමෝල් ලබා ගත හැක.

ළමයින් සදහා : 80mg/5ml වශයෙන් ද වැඩිහිටියන් සදහා 125mg/5ml වශයෙන්ය.

මෙහිදී 5ml යනු තේ හැන්දක ප්‍රමාණයකි.

දැනට වෙළදපොලේ ඇති පැරසිටමෝල් වර්ග කිහිපයක්

Panadol (පැන‍ඩෝල්)
paracetamol (SPC)
Paracetol (පැරසිටෝල්)
Rapisol (රැපිසෝල්)
Vendol An– Gc (වෙන්ඩෝල් ඇන් ජීසි)
පෙත්තේ හැඩය අනුව වර්ග කිහිපයක හැඩයන්ගෙන් වෙළදපොලේ ගන්නට ඇත.ප්‍රධාන වශයෙන් ඔබ්ලොන්ග් හැඩය (Oblong shaped) උදාහරණ – දැනට ඇති පැනඩෝල් පෙත්ත Panadol ,පැරසි‍ටෝල් පෙත්ත Paracetol , පැරසිටමෝල් (SPC) ‍පෙත්ත, මේ හැඩය වඩාත් ප්‍රචලිත වන්නට හේතුව වන්නේ ගිලීමට පහසු හැඩය වන බැවින්ය.
(උපුටා ගැනීමකි)

මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ

මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ
ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ නිසි පරිදි දැනුමක් නොමැතිව ඒවා හිතු මතයේ වෛද්‍ය වරුන්ගේ උපදෙස් වලින් තොරව ලබා ගැනීම අද සමාජයේ දක්නට ලැබේ.
ප්‍රතිජීවක යනු මොනවාද?
ප්‍රතිජීවක යනු බැක්ටීරියා නැමැති කෂුදු ජීවියාගේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම‍ට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වේ. එනිසා ප්‍රතිජීවක භාවිතයෙන් බැක්ටීරියා‍ මගින් සෑදෙන රෝග වලට සුවයක් ලබාගත හැක. නමුත් මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ වෛරසයක් මගින් සෑදෙන සෙම්ප්‍රතිකෂාව, සෙම්ගෙඩි, ඉන්ෆ්ලූවෙන්සාව, වෛරස් උණ, ඩෙංගු වැනි රෝගවලට ප්‍රතිජීවකයක් ලබාදීමෙන් කිසිදු සුවයක් නොලැබෙන බවයි. එසේ වෛරස වලින් සෑදෙන රෝග සඳහා ප්‍රතිජීවක ලබා දීමෙන් සිදු වන්නේ අයහපතක් පමණි. මක්නිසාදයත් මෙවැනි ප්‍රතිජීවක මගින් මිනිසාගේ සිරුරේ ජීවත්වන හිතකර බැක්ටීරියා මැරී යාමෙන් විවිධ රෝග ඇතිවිය හැකි බැවිනි.

ප්‍රතිජීවක ඖෂධ වර්ග මොනවාද
මේවා ඒ‍වායේ අඩංගු රසායනය අනුවත් ඒවායින් විනාශ කළ හැකි බැක්ටීරියා වර්ග අනුවත් කාණ්ඩ ගත කෙරේ.
1) පෙනිසිලීන් කාණ්ඩය (Penicillin)
බහුලව භාවිතා වන ඇමොක්සිසිලින් (Amoxicillin)මෙම කාණ්ඩයට අයත්ය.
2) සෙෆලස්පොරීන්(Cephalosporin)
3) ඇමයිනොග්ලයිකොසයිඩ්(Amino glycosides)
4) ජෙන්ටමයිසින් (Gentamycin) අයත් වන්නේ මෙම කාණ්ඩයටයි.
5) ටෙට්‍රාසයික්ලීන් (Tetracyclines)
මැක්රොලයිඩ් (Macrolides)

විවිධ ආසාදන වලට හේතුවන බැක්ටීරියා විශේෂ එකිනෙකට වෙනස් නිසා ඕනෑම බැක්ටීරියා ආසාදනයකට ඕනෑම
ප්‍රතිජීවයකින් ප්‍රතිකාර කළ නොහැකියි.


ප්‍රතිජීවක තරම් වැරදි භාවිතයට ලක්වන ඖෂධ කාණ්ඩයක් තවත් නොමැති තරම්. සුලබව දක්නට ලැබෙන ආසාදනයන්

බැක්ටීරියා ආසාදන බවටත් ප්‍රතිජීවක යනු අතිශයින් ආරක්‍ෂාකාරී ඖෂධ බවටත් මුල්බැසගත් වැරදි විශ්වාසය නිසා අනවශ්‍ය ලෙසින්

ප්‍රතිජීවක නිර්දේශ කෙරෙන හා භාවිතා කෙරෙන අවස්ථා විරල නැහැ. ඇතැම් විටක සිදුවන්නේ රෝගකාරක බැක්ටීරියා විශේෂ හඳුනාගෙන
නැත.

අසාත්මිකතාව (Allergy)ඇතැම් ප්‍රතිජීවක කාණ්ඩවල සුලබ අතුරු ආබාධයක්.


වෛද්‍ය නිර්දේශ රහිතව ප්‍රතිජීවක ප්‍රතිකාර වලට යොමුවන පිරිසත් සැළකිය යුතු තරම්. විටෙක මෙබදු අවස්ථාවල ප්‍රතිකාර නැතත් ඉබේ
සුවවෙන රෝගයක් සුවකිරීමේ හොඳ නාමය ප්‍රතිජීවකයට ලැබෙනවා. උදාහරණයක් ලෙස සුලබව දක්නට ලැබෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව
වැනි රෝග තත්ත්වයන් ප්‍රතිජීවක ප්‍රතිකාර ලබාදිය යුතු අවස්ථා නොවේ.

යම් ආසාදන රෝගයකට හිතුමතේ ප්‍රතිජීවක ප්‍රතිකාර ඇරඹුවහොත් ඒ මගින් ඇතැම් විට රෝගය නැතිනම් ගැලපෙන ඖෂධ

හඳුනා ගැනීමට සිදු කරන රසායනාගාර පරීක්‍ෂණ වලට බලපෑම් ඇති කරනවා. තවද ප්‍රතිජීවකවල අතුරු ආබාධ නිසා රෝගය තවත් අප්‍රසන්න

තත්ත්වයට පෙරලෙන්නට ඉඩ ඇති අතර මේ නිසා පලපුරුදු වෛද්‍යවරයකුට වුවත් රෝගය නිශ්චිතව නිර්ණය කිරීමට බාධා ඇති වෙනවා.

එහෙත්....... මේ සියල්ලටම වඩා නුසුදුසු වනුයේ නිරන්තර ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධි බැක්ටීරියා කාණ්ඩ බිහිවීමයි.

කෙනෙකු සැහැල්ලුකොට හිතුවත් සැබෑ වෛද්‍යවරයකු ප්‍රතිජීවක ප්‍රතිකාරයකට යොමු වන්නේ පියවර ගණනාවකින්.

ප්‍රතිජීවකයක් නිර්දේශ කිරීමට ප්‍රථම වෛද්‍යවරයාගේ විමසුමට ලක්වන කරුණු රැසකි එනම්.....

⋆ ආසාදනය බැක්ටීරියා ආසාදනයක්ද ?

⋆ එසේනම් ආසාදනයට බලපෑ බැක්ටීරියා විශේෂය කුමක්ද ?

⋆ එම බැක්ටීරියා විශේෂය සහේතුකව අනුමාන කළ හැකිද ?

⋆ නැතහොත් රසායනාගාර පරීක්‍ෂණ මගින් හඳුනා ගත යුතුද ?

⋆ රසායනාගාර වාර්තා ලැබෙන්නට පෙර ප්‍රතිජීවක ප්‍රතිකාර අරඹනවාද ?

⋆ රෝගයට හේතු වූ බැක්ටීරියාව සංවේදී වන්නේ කවර ඖෂධ වලටද ?

(ඇතැම් විට මේ සඳහා ප්‍රතිජීවක සංවේදීතා පරීක්‍ෂණයක් අවශ්‍ය වේ.)

⋆ එම ඖෂධ අතරින් රෝගියාට වඩාත් ගැලපෙන ඖෂධය කුමක්ද ?

(මෙම තෝරා ගැනීමට රෝගියාගේ වයස භෞතවේදීය තත්වයන් ඇතැම් ඖෂධ වලට දක්වන අසාත්මිකතා ආදී කරුණු රැසක්

සැලකිල්ලට බඳුන් කරයි.)

වෛද්‍යවරයකු නොවන පුද්ගලයකු තුළ මෙම තීරණ ගැනීමේ දැනුම හා අවබෝධය නොමැති නිසා

ප්‍රතිජීවක වෛද්‍ය නිර්දේශ මත පමණක්ම භාවිතා කළ යුතු වේ.

භින්න රුචිර්හි ලොකා

භින්න රුචිර්හි ලොකා
මානස විලැ විසු රණ තිසරාණෙක්
යෙදෙනා කලැ එක් සැරියාවෙක
මුන ගැසිනිල කොකෙක්, අතරමග ඕවිටෙක,,,
විඩා නිවන්නට දෙදෙනමැ - අරා නුගයකැ සෙවන
 වන්හ කතිකාවතට , හදිසි දෙමිතුරෝ
වනත් පරම සෙඳිරියාව , මානස විලැ ඇති අරුමය ,,,
රණ තිසරාණෝ මිතුරු කොකුට.
හා එහි ඇත්තේ කිම්දැ ? විමැසී ල කොකා....
අගනාම නෙළුම් ඇත්තේ එහියැ
එහි සුවඳ, එහි හැඩය හා එහි මධු රසය
සම කළ හැකිදැ යමකට මේ මිහිමඬළැ කීය හංසයා.....
නො එක කුමුදු හා සුළ‍‍ඟේ ලෙලෙන හෙල්මැලි
ත්‍රයෝදස වගෙකැ මහනෙල්
මුළු විලමැ සුවඳයි , දෙව්ලෝ පරාදයි........
අවසනට ඇසුවේ  කොකා නැද්ද එහි මැඩියෝ?
  නැහැ කියත් හංසයා  - චැහ් ගා ඉගිළැ ගියේල කොකා,,,,,,,,
© හිමු ආරියවංශ - 2011 මැයි

විස්කම්

 ඉසිඹු ලන ස මලානික හද
තිසා වැව ළ බලාගෙන මග
පෙරා මහස ගෙනේ මනල
ඔබේ සුදු වත වගේ රළ නැග

සරා ස තබා උගසට
සෙනේබර සිතිවිලි පරාසය
නුරා ගිනිදැල් බුරා ඇවිළෙන
සේනේහය මත දවා අළු කර

සදාකාලික ශෛලපිට මත
නෙළා කැටයම වෙළා ගතතර
විහාරය ළ ඉසුරුමුණිවර
කළා රන්මසු පොකුණ අබියස

© හි.මු.ආරියවංශ
2011 ජනවාරි

"ආදරයට ආදරයෙන්"


සුදු අරලිය මලක් වගේ සිත පිරිසිදු නියා
සමන්පිච්ච වැලක් වගේ  ගත දවටා තියා
පිපි නාමල් සුවඳ දිගේ සිත උතුරා ගියා 
මගෙ වස්තුව ඔයා නිසා මහද මැවේ දයා

ආලවන්ත ඔය දෙනෙතින් මා සුවපත් කළා 
කෝල නැතුව දොඩන වදන් සිත පතුළට වෙලා
රණ තිසරුන් ඔබේ ළමැද මට උවටැන් කළා
ගතට නොවේ ඉන් සිතටත් සෙනෙහස යයි ගලා 

සාගරයක් වගේ හැඟුම් බාධකයන් නොදා
ගලා යන්න නිදහසේම ඉඩ දෙමු අපි මෙදා
ආදරයෙන් බැඳී ඉන්න පෙම් හදවත් සදා
ආත්මයෙන් ආත්මයට ලුහුබැඳ යයි බදා
(හි මු ආරියවංශ) 

"නූතන පාරු කවි"


"නූතන පාරු කවි"
==========
පාට එරන් ගඟබඩ යන කොකුන්නේ
කෑම පිණිස උන් කොතැනද ලගින්නේ
පාරු පුරා වැලි මෙගොඩට ගෙනෙන්නේ
යාළු අපට එවිටයි බත ලැබෙන්නේ


බෝඹු ඉපල දළු ලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
වැලි පාරුව ගොඩ ඒදෝ නොඒදෝ
රෑට බතට සරු වේදෝ නොවේදෝ


සස්සඳ සසඳ දිය මතුපිට තියේ රළ
සස්සඳ සසඳ වැලි පල්ලේ තියේ ගල
වැස්සට පිණි බබා පාරුව පදින කල
ඇස් වට කළුව වැලි දළුවට ගියේ වල


කන්දේ කකා ලන්දේ යන බෝසත්තු
අතමිණි බැඳ පය මිණිබැඳ ජය ගත්තු
කැළණි ග‍ඟේ වැලි අදිනා දුප්පත්තු
පාගා දියට බැස්සයි දළ ඇති ඇත්තු


සූරිය උදාවන තුරු පිණි බෑවිල්ල
පාරුව පදින තුරු දිවියේ සැනසිල්ල
දාහය නිවන සුළඟට නොවෙනා මෙල්ල
කාරිය කිමද වැලි අමුණේ රැවටිල්ල


ඔන්න මලේ ඔය වැලි දළු නෙලා ගනින්
අත්ත බි‍ඳෙයි පය බුරුලෙන් තබා ගනින්
කැළණි ග‍ඟේ රළු නැති තැන් බලා සැනින්
සාදුකාර දී ............. පාරුව ලිහා ගනින්


(හි මු ආරියවංශ)

"ගඩාපි"


‎" ගඩාපි "
======
අරාබියට අගරජ ලෙස සිතන්නේ
උපන් රටට නව මං පෙත් සදන්නේ
ඇමෙරිකාව අඳුකොල සේ දකින්නේ
අල් ගඩාපි ලිබියාවම දිනන්නේ

ප්‍රජාතන්ත්‍රෙ නැහැ කියමින් බොලන්නේ
යැංකි හවුල කුමන්ත්‍රණ කොරන්නේ
කැලේ ගහක් කැලේ උන්ම නසන්නේ
ගඩාපි සෙන්පතිඳුට වෙඩි තියන්නේ

දුර නොබලා ළඟ බැලු පින්වතුන්නේ
පැතු නිදහසනම් නැහැ තොප විඳින්නේ
බටහිරටයි තෙල් සම්පත ගලන්නේ
ගඩාපි ගේ ගුණ එදාට දැනෙන්න...