Friday, October 21, 2011

"නූතන පාරු කවි"


"නූතන පාරු කවි"
==========
පාට එරන් ගඟබඩ යන කොකුන්නේ
කෑම පිණිස උන් කොතැනද ලගින්නේ
පාරු පුරා වැලි මෙගොඩට ගෙනෙන්නේ
යාළු අපට එවිටයි බත ලැබෙන්නේ


බෝඹු ඉපල දළු ලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
වැලි පාරුව ගොඩ ඒදෝ නොඒදෝ
රෑට බතට සරු වේදෝ නොවේදෝ


සස්සඳ සසඳ දිය මතුපිට තියේ රළ
සස්සඳ සසඳ වැලි පල්ලේ තියේ ගල
වැස්සට පිණි බබා පාරුව පදින කල
ඇස් වට කළුව වැලි දළුවට ගියේ වල


කන්දේ කකා ලන්දේ යන බෝසත්තු
අතමිණි බැඳ පය මිණිබැඳ ජය ගත්තු
කැළණි ග‍ඟේ වැලි අදිනා දුප්පත්තු
පාගා දියට බැස්සයි දළ ඇති ඇත්තු


සූරිය උදාවන තුරු පිණි බෑවිල්ල
පාරුව පදින තුරු දිවියේ සැනසිල්ල
දාහය නිවන සුළඟට නොවෙනා මෙල්ල
කාරිය කිමද වැලි අමුණේ රැවටිල්ල


ඔන්න මලේ ඔය වැලි දළු නෙලා ගනින්
අත්ත බි‍ඳෙයි පය බුරුලෙන් තබා ගනින්
කැළණි ග‍ඟේ රළු නැති තැන් බලා සැනින්
සාදුකාර දී ............. පාරුව ලිහා ගනින්


(හි මු ආරියවංශ)

No comments:

Post a Comment