Sunday, October 23, 2011

'මුකුලිත නැත අද'


තෙරපන   සිතිවිලි    දහසක්     දෙහදක්
පවසන     සැනසිලි    රහසක්      දවසක්
නොරඳන   හසරැලි    මුවඟක්   උවනක්
නොගලන කඳුලැලි  නයනක්  නැත එක්

දවසක   හමුවුන   මා-ඔබ      පෙර එක් 
විරසක  විලසින   මාරුත          දහසක්
සැපදුක  නොදැනෙන මේ බව  කතරක්
වදුලක  හිනැහෙන - වා තව  කැකුළක්

ලස්සන    දෙව්දුනු      රඳනා         අහසක්
වස්සන    සුදුහිම        ඒ කඳු      පෙදෙසක්
දස්සන     සිතකට      හෙලනා    බැල්මක්
රුස්සන   ලෙසඔබ    ඇමතූ    මොහොතක්


නොමදැක    සිතිජය  වෙන්වන       පවුරක්
පලසක       වැතිරුණ  අප තණ        බිස්සක්
යුගයක       රසමුසු     හැඟුමන්   පොකුරක්
එකිනෙක  වෙන්වුනු     අප අද   දෙදෙනෙක් 

No comments:

Post a Comment