Friday, October 21, 2011

"ආදරයට ආදරයෙන්"


සුදු අරලිය මලක් වගේ සිත පිරිසිදු නියා
සමන්පිච්ච වැලක් වගේ  ගත දවටා තියා
පිපි නාමල් සුවඳ දිගේ සිත උතුරා ගියා 
මගෙ වස්තුව ඔයා නිසා මහද මැවේ දයා

ආලවන්ත ඔය දෙනෙතින් මා සුවපත් කළා 
කෝල නැතුව දොඩන වදන් සිත පතුළට වෙලා
රණ තිසරුන් ඔබේ ළමැද මට උවටැන් කළා
ගතට නොවේ ඉන් සිතටත් සෙනෙහස යයි ගලා 

සාගරයක් වගේ හැඟුම් බාධකයන් නොදා
ගලා යන්න නිදහසේම ඉඩ දෙමු අපි මෙදා
ආදරයෙන් බැඳී ඉන්න පෙම් හදවත් සදා
ආත්මයෙන් ආත්මයට ලුහුබැඳ යයි බදා
(හි මු ආරියවංශ) 

1 comment:

  1. xxxආදරයේ අපූර්ව චමත්කාරය...වින්දා වු සෙනෙහසගෑන දයාවෙන් සිහිපත් කරමින් කරන අහිංසක පෑතුමක්....හරිම ලස්සණයි


    R.A,Ranjani Dharmalatha

    ReplyDelete