Friday, October 21, 2011

පින්තාලිය


පින්තාලිය වනාහි

අපේ ගම වන්නේ වයඹ පලාතෙ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, සත්කෝරලේට අයත්,කරඳාපත්තු කෝරළේ වත්මන් පඬුවස්නුවර කොට්ඨාශයේ පිහිටි "පිහිඹිය" නම් වූ මනරම් ගම්මානයයි.
අපේ ගමේ ඉස්සර පින්තාලියක් තිබුණා.ඒක තිබුනෙ "පතහ ගෙදර විදානෙ මහත්තය"ගෙ ගෙදර. අපි හැතැප්මක් විතර පයින් තමයි ඉස්කෝලෙ ගියෙ.ඉස්කෝලෙ ඇරිල එන අපට පිපාසය නිවා ගන්න තමයි ඒ විදානෙ අත්ත ඒ පින්තාලිය තියල තිබුනෙ.ඒ විතරක් නෙවෙයි විදානෙ අත්ත වත්තෙ ගස් වලින් ඉදිල වැටෙන දිවුල්,බෙලි,වෙරළු, අඹ වගේ පළතුරුත් වට්ටියකට දාල ළඟින් තියල තිබුණ.ආ අමතක වුනා කියන්න මේ ගෙදරට පතහ ගෙදර කිවෙ මේ වත්තෙ ලොකු පතහක් තිබුන නිසයි. පතහක් කියන්නෙ දැන් භාෂාවෙන්නම් පොකුණක් වගේ එකක්.වැහි කාලෙට ඒකෙ වතුර පිරුණාම පායන කාලෙට විශේෂයෙන් සතුනට පිපාසය නිවා ගන්න එහෙම වටිනව.ඉතින් අපි ඒ විදානෙ අත්තට පින් දිදී ඒ පළතුරු කාල . පිපාසයත් නිවාගෙන තමයි ගෙදර යන්නෙ.ඉතින්දැන් ජීවතුන් අතර නැති ඒ විදානෙ අත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ අත්තාගෙ එන් පුතෙකු වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියෙන් වන එස්.එච්.එම්.චන්ද්‍රසේන මහතා සහ දියණිය වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ විශ්‍රාමලත් සිංහල මහාචාර්ය පියසීලී විජේමාන්න මැතිණියත් ආදරයෙන් සිහිපත් කරනවා.

2 comments:

  1. xxxxඔබත් හිමු බ්ලොග් එකක් ලියන බව මම දෑන ගෙන හිටියෙ නෑහෑ නේ.ඇත්තටම සතුටුයි අහම්බෙන් හරි ඇස ගෑටුනු එකට . කියවල හිමින් කමන්ට් කරන්නම්.වටිනා කියන දේ නිතර පිංතා ලියට රෑගෙන එන ඔබේන් මෙහිත් හර බර දෑ සටහන් වේවියි සිතනවා...... පියවරින් පියවර සාර්ථක නිර්මාණ සමග ඉදිරියටම යන්නට හෑකියාව ශක්තිය හා වාසනාව ලෑබේවායි මම මුලු හදවතින්ම ප්‍රර්ථණා කරනවා...ඔබට ජය.!!

    ReplyDelete