Friday, October 21, 2011

මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ

මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ
ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ නිසි පරිදි දැනුමක් නොමැතිව ඒවා හිතු මතයේ වෛද්‍ය වරුන්ගේ උපදෙස් වලින් තොරව ලබා ගැනීම අද සමාජයේ දක්නට ලැබේ.
ප්‍රතිජීවක යනු මොනවාද?
ප්‍රතිජීවක යනු බැක්ටීරියා නැමැති කෂුදු ජීවියාගේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීම‍ට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වේ. එනිසා ප්‍රතිජීවක භාවිතයෙන් බැක්ටීරියා‍ මගින් සෑදෙන රෝග වලට සුවයක් ලබාගත හැක. නමුත් මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ වෛරසයක් මගින් සෑදෙන සෙම්ප්‍රතිකෂාව, සෙම්ගෙඩි, ඉන්ෆ්ලූවෙන්සාව, වෛරස් උණ, ඩෙංගු වැනි රෝගවලට ප්‍රතිජීවකයක් ලබාදීමෙන් කිසිදු සුවයක් නොලැබෙන බවයි. එසේ වෛරස වලින් සෑදෙන රෝග සඳහා ප්‍රතිජීවක ලබා දීමෙන් සිදු වන්නේ අයහපතක් පමණි. මක්නිසාදයත් මෙවැනි ප්‍රතිජීවක මගින් මිනිසාගේ සිරුරේ ජීවත්වන හිතකර බැක්ටීරියා මැරී යාමෙන් විවිධ රෝග ඇතිවිය හැකි බැවිනි.

ප්‍රතිජීවක ඖෂධ වර්ග මොනවාද
මේවා ඒ‍වායේ අඩංගු රසායනය අනුවත් ඒවායින් විනාශ කළ හැකි බැක්ටීරියා වර්ග අනුවත් කාණ්ඩ ගත කෙරේ.
1) පෙනිසිලීන් කාණ්ඩය (Penicillin)
බහුලව භාවිතා වන ඇමොක්සිසිලින් (Amoxicillin)මෙම කාණ්ඩයට අයත්ය.
2) සෙෆලස්පොරීන්(Cephalosporin)
3) ඇමයිනොග්ලයිකොසයිඩ්(Amino glycosides)
4) ජෙන්ටමයිසින් (Gentamycin) අයත් වන්නේ මෙම කාණ්ඩයටයි.
5) ටෙට්‍රාසයික්ලීන් (Tetracyclines)
මැක්රොලයිඩ් (Macrolides)

විවිධ ආසාදන වලට හේතුවන බැක්ටීරියා විශේෂ එකිනෙකට වෙනස් නිසා ඕනෑම බැක්ටීරියා ආසාදනයකට ඕනෑම
ප්‍රතිජීවයකින් ප්‍රතිකාර කළ නොහැකියි.


ප්‍රතිජීවක තරම් වැරදි භාවිතයට ලක්වන ඖෂධ කාණ්ඩයක් තවත් නොමැති තරම්. සුලබව දක්නට ලැබෙන ආසාදනයන්

බැක්ටීරියා ආසාදන බවටත් ප්‍රතිජීවක යනු අතිශයින් ආරක්‍ෂාකාරී ඖෂධ බවටත් මුල්බැසගත් වැරදි විශ්වාසය නිසා අනවශ්‍ය ලෙසින්

ප්‍රතිජීවක නිර්දේශ කෙරෙන හා භාවිතා කෙරෙන අවස්ථා විරල නැහැ. ඇතැම් විටක සිදුවන්නේ රෝගකාරක බැක්ටීරියා විශේෂ හඳුනාගෙන
නැත.

අසාත්මිකතාව (Allergy)ඇතැම් ප්‍රතිජීවක කාණ්ඩවල සුලබ අතුරු ආබාධයක්.


වෛද්‍ය නිර්දේශ රහිතව ප්‍රතිජීවක ප්‍රතිකාර වලට යොමුවන පිරිසත් සැළකිය යුතු තරම්. විටෙක මෙබදු අවස්ථාවල ප්‍රතිකාර නැතත් ඉබේ
සුවවෙන රෝගයක් සුවකිරීමේ හොඳ නාමය ප්‍රතිජීවකයට ලැබෙනවා. උදාහරණයක් ලෙස සුලබව දක්නට ලැබෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව
වැනි රෝග තත්ත්වයන් ප්‍රතිජීවක ප්‍රතිකාර ලබාදිය යුතු අවස්ථා නොවේ.

යම් ආසාදන රෝගයකට හිතුමතේ ප්‍රතිජීවක ප්‍රතිකාර ඇරඹුවහොත් ඒ මගින් ඇතැම් විට රෝගය නැතිනම් ගැලපෙන ඖෂධ

හඳුනා ගැනීමට සිදු කරන රසායනාගාර පරීක්‍ෂණ වලට බලපෑම් ඇති කරනවා. තවද ප්‍රතිජීවකවල අතුරු ආබාධ නිසා රෝගය තවත් අප්‍රසන්න

තත්ත්වයට පෙරලෙන්නට ඉඩ ඇති අතර මේ නිසා පලපුරුදු වෛද්‍යවරයකුට වුවත් රෝගය නිශ්චිතව නිර්ණය කිරීමට බාධා ඇති වෙනවා.

එහෙත්....... මේ සියල්ලටම වඩා නුසුදුසු වනුයේ නිරන්තර ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධි බැක්ටීරියා කාණ්ඩ බිහිවීමයි.

කෙනෙකු සැහැල්ලුකොට හිතුවත් සැබෑ වෛද්‍යවරයකු ප්‍රතිජීවක ප්‍රතිකාරයකට යොමු වන්නේ පියවර ගණනාවකින්.

ප්‍රතිජීවකයක් නිර්දේශ කිරීමට ප්‍රථම වෛද්‍යවරයාගේ විමසුමට ලක්වන කරුණු රැසකි එනම්.....

⋆ ආසාදනය බැක්ටීරියා ආසාදනයක්ද ?

⋆ එසේනම් ආසාදනයට බලපෑ බැක්ටීරියා විශේෂය කුමක්ද ?

⋆ එම බැක්ටීරියා විශේෂය සහේතුකව අනුමාන කළ හැකිද ?

⋆ නැතහොත් රසායනාගාර පරීක්‍ෂණ මගින් හඳුනා ගත යුතුද ?

⋆ රසායනාගාර වාර්තා ලැබෙන්නට පෙර ප්‍රතිජීවක ප්‍රතිකාර අරඹනවාද ?

⋆ රෝගයට හේතු වූ බැක්ටීරියාව සංවේදී වන්නේ කවර ඖෂධ වලටද ?

(ඇතැම් විට මේ සඳහා ප්‍රතිජීවක සංවේදීතා පරීක්‍ෂණයක් අවශ්‍ය වේ.)

⋆ එම ඖෂධ අතරින් රෝගියාට වඩාත් ගැලපෙන ඖෂධය කුමක්ද ?

(මෙම තෝරා ගැනීමට රෝගියාගේ වයස භෞතවේදීය තත්වයන් ඇතැම් ඖෂධ වලට දක්වන අසාත්මිකතා ආදී කරුණු රැසක්

සැලකිල්ලට බඳුන් කරයි.)

වෛද්‍යවරයකු නොවන පුද්ගලයකු තුළ මෙම තීරණ ගැනීමේ දැනුම හා අවබෝධය නොමැති නිසා

ප්‍රතිජීවක වෛද්‍ය නිර්දේශ මත පමණක්ම භාවිතා කළ යුතු වේ.

No comments:

Post a Comment