Friday, October 21, 2011

පැනඩෝල්


මම අද ඔයාලට ගෙන ආවේ කවුරුත් දන්න කියන බෙහෙතක් ගැන, නම කිව්වත් දන්න කියන කොයි කවුරුත් පාවිච්චි කරල තියෙන බෙහෙත තමයි “පැරසිටමෝල්” නමට වඩා කවුරුත් දන්නේ “පැනඩෝල් ” වෙළද නාමයයි.

පැරසිටමෝල් යනු කවරක්ද?

එය වේදනා නාශකයකි (As Analgesic).
ශරීරයේ උණ අඩු කිරීමේ ගුණය – (As Antipiretic)

පැරසිටමෝල් ගැන මූලික කරුණු කිහිපයක්

පවුලේ සැමටම සුව ලබා දෙන එකම ඔසුවයි.
උදරයට ද අසහනයක් ගෙන නොදෙන ඔසුවකි.
සුලු මට්ටමේ සිට සාමාන්‍ය මට්ටමක දක්වා වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත.
ක්‍රියාකාරීත්වය අතින් නම් ඇස්ප්‍රින් පෙත්ත තරමටම බලවත් කමින් ප්‍රබලය.
නමුත් පැරසිටමෝල් වලට ශරීරය තුල ඇතිවන ඉදිමුම් අඩු කිරීමේ හැකියාවක් නොමැත. (NSAID) ගණයට අයත් ඔෟෂධයකි.
Anti-Coagulant effect හෙවත් රුධිර කැටි සෑදීමේ ගුණයක් ද නැත.
මෙම ‍බෙහෙතේ රසායනික නැමය දැන ගැනීමද ඉතා වැදගත්ය. Paracetamol යනු

“Para acetamino Phenol” නමින් හදුන්වන සංයෝගයකි.

මෙම ‍බෙහෙතේ ද කිසියම් අතුරු ආබාධ කිහිපයක් පවති.නමුත් මේවා බොහෝවිට ඉතා ස්වල්ප වශයෙන් සමාජය තුල දැක ගත හැකියි.නමුත් කෙසේ වෙතත් ඔනෑම බෙහෙතක් පාවිච්චියට ගැනීමේ දී නියමිත මාත්‍රාව හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වග බලා ගත යුතුයි.

පැරසිටමෝල් හා සම්බන්ධ අතුරු ආබාධයන් කිහිපයක්.

සමේ පළු දැමීමක් සිදුවේ නම් (Skin Rashes) වහාම බෙහෙත් ගැනීම නතර කොට වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
මේ බෙහෙත එක විට අධි මාත්‍රාවෙන් (Over dose)කෙනෙකු භාවිතා කලහොත් අක්මාව වහාම අනතුරකට ලක්වනු ඇත. මෙහි දී අධි මාත්‍රාව ලෙස සලකනු ලබන්නේ 10g (පෙති 20ක ප්‍රමාණයකි.)
එසේ වුවද රෝගියකු රෝහල් ගත වූ වහාම ප්‍රතිකාර වෙත යොමු වුව හොත් ජීවිතය බේරා ගැනීමට හැකියාව අද වන විට ඇත.

රෝගියාට එහිදී මෙතියොනින් ( Methionine )– මුඛ මාර්ගයෙන් ලබා දීමට පුළුවන.
තවද N acetyl Cystine – අන්තශෛරික නික්ෂේපනයක් ( IV) ලෙස හෝ මුඛ මාර්ගයෙන් ලබා දිය හැක. පැය 8-10 ත් අතර කාලයක් තුල මේ ප්‍රතිකාර ලබා ගත යුතු බවද මෙහිදී සදහන් කල යුතුයි.හැකි පමණ ඉක්මනින් රෝගියා රෝහල් ගත කිරිම නුවණට හුරුය. 
භාවිතා කළ යුතු මාත්‍රා පිළිවෙල

දිනකට උපරිම වශයෙන් 4g කි.ඒ අනුව පෙති 2 බැගින් දිනකට 4 වරක් (පැය 6කට වරක්)

ළමයින් සදහා : 80mg පෙති වශයෙන්ද භාවිතා කරන අතර,

වැඩිහිටියන් සදහා : 500mg පෙති භාවිතයට ගැනේ.

දියරමය වශයෙන් ද පැරසිටමෝල් ලබා ගත හැක.

ළමයින් සදහා : 80mg/5ml වශයෙන් ද වැඩිහිටියන් සදහා 125mg/5ml වශයෙන්ය.

මෙහිදී 5ml යනු තේ හැන්දක ප්‍රමාණයකි.

දැනට වෙළදපොලේ ඇති පැරසිටමෝල් වර්ග කිහිපයක්

Panadol (පැන‍ඩෝල්)
paracetamol (SPC)
Paracetol (පැරසිටෝල්)
Rapisol (රැපිසෝල්)
Vendol An– Gc (වෙන්ඩෝල් ඇන් ජීසි)
පෙත්තේ හැඩය අනුව වර්ග කිහිපයක හැඩයන්ගෙන් වෙළදපොලේ ගන්නට ඇත.ප්‍රධාන වශයෙන් ඔබ්ලොන්ග් හැඩය (Oblong shaped) උදාහරණ – දැනට ඇති පැනඩෝල් පෙත්ත Panadol ,පැරසි‍ටෝල් පෙත්ත Paracetol , පැරසිටමෝල් (SPC) ‍පෙත්ත, මේ හැඩය වඩාත් ප්‍රචලිත වන්නට හේතුව වන්නේ ගිලීමට පහසු හැඩය වන බැවින්ය.
(උපුටා ගැනීමකි)

No comments:

Post a Comment