Saturday, October 22, 2011

තරු ඉහිරෙන රාත්‍රියක සඳ නැති යාමේ,,, වැතිරෙමු අපි තණ බිස්සේ පිණිකැට යහනේ,,,

නිල් කෙස් කළඹ මත කියඹුව දුටුවාම
නෙත්මත් කරයි නැහැ සැකයක් හැමදාම
වස්දොස් නොවේ ඔය වතනම් සඳ සේම
සොමිරැස් දහර කළඹයි මගෙ දිවි දහම

ආලෝලනය වූ හද සඳ ඉඳුරාම
පෑ ස්නේහයට පිටුපා ඉන්නේ කෝම
මේ රාත්‍රියේ සඳ වට පිපි තරු සේම
මන්දස්මිතය නංවමු මග දුටුවාම

No comments:

Post a Comment