Friday, October 21, 2011

භින්න රුචිර්හි ලොකා

භින්න රුචිර්හි ලොකා
මානස විලැ විසු රණ තිසරාණෙක්
යෙදෙනා කලැ එක් සැරියාවෙක
මුන ගැසිනිල කොකෙක්, අතරමග ඕවිටෙක,,,
විඩා නිවන්නට දෙදෙනමැ - අරා නුගයකැ සෙවන
 වන්හ කතිකාවතට , හදිසි දෙමිතුරෝ
වනත් පරම සෙඳිරියාව , මානස විලැ ඇති අරුමය ,,,
රණ තිසරාණෝ මිතුරු කොකුට.
හා එහි ඇත්තේ කිම්දැ ? විමැසී ල කොකා....
අගනාම නෙළුම් ඇත්තේ එහියැ
එහි සුවඳ, එහි හැඩය හා එහි මධු රසය
සම කළ හැකිදැ යමකට මේ මිහිමඬළැ කීය හංසයා.....
නො එක කුමුදු හා සුළ‍‍ඟේ ලෙලෙන හෙල්මැලි
ත්‍රයෝදස වගෙකැ මහනෙල්
මුළු විලමැ සුවඳයි , දෙව්ලෝ පරාදයි........
අවසනට ඇසුවේ  කොකා නැද්ද එහි මැඩියෝ?
  නැහැ කියත් හංසයා  - චැහ් ගා ඉගිළැ ගියේල කොකා,,,,,,,,
© හිමු ආරියවංශ - 2011 මැයි

No comments:

Post a Comment