සකුනන් මියැසි විහිදෙයි නෙත් හයාලන
හිරුකැන් අවදිවෙයි බොල්පිණි මරාගෙන
යහමින් දනන් හට සාමය බෙදාදෙන
හැඟුමන් පිපෙයි හැම ඉරිමා උදාසන
බියකරු වළාකුළු දස අත වසාගෙන
පියකරු අහස් කුහරය ඇත වෙළාගෙන
විසකුරු සපුන් ලෙස පරපණ නසාලන
පිවිතුරු මිනිස්කම අද වෙස් වලාගෙන
විහිදෙයි දසත ගිනි රශ්මිය දවාලන
කෙනෙහෙයි බිළිඳු මව් ඇකයේ අරාගෙන
වැළැපෙයි කුසුම නටුවෙන් බර දරාගෙන
මියැදෙයි වසන්තය සොහොනේ දිගාවුන
සහන් සිතෙන් ඉපදෙන විට හඬාගෙන
නිපන් සතුට අහුමුළුවල රුවාගෙන
කයින් දුබල වී මතු භව කරා යන
සොහොන් කොතෙත් ඇත වෛරය දිරා යන
No comments:
Post a Comment